චීනයේ ආර්ථික ගමන්මග වෙනස් කළ ‍රහස
2022-11-24 15:21:59
Share with:

පසුගිය දශකයන්හි චීනය විශිෂ්ට ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ රටකි. මේ සඳහා චීනයේ නවෝත්පාදන අංශයේ කැපී පෙනෙන වර්ධනය සහ නව තාක්ෂණික දැනුම හේතු සාධක විය. එමෙන්ම චීනය සතු කුසලතා පූර්ණ මානව සම්පත ද චීනයේ ආර්ථික වර්ධනය උදෙසා බලපෑ බව තිරසර සංවර්ධන සහ නවෝත්පාදන අංශ ප්‍රධානි ලියෝනි වාස් මහත්මිය ප්‍රකාශ කළේය.

චීනයේ ඉංජිනේරුවන් සහ විදයාඥයන්ගේ තාක්ෂණික දැනුම හා ඔවුන්ගේ කැපවීම ද අගය කළ යුතුය. වඩා වැදගත් වන්නේ සංවර්ධන අරමුණු වෙනුවෙන් සමස්ත වෘත්තිකයන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමය. එලෙස කටයුතු කිරීමට නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් එරට විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාරයන්හි දී ලබා දී තිබීම ද සුවිශේෂී වේ. එය නවෝත්පාදන අංශයේ චීනයේ දායකත්වය ඉහළ යාමට සෘජු බලපෑමක් කර ඇති බව ද එතුමිය ප්‍රකාශ කළේය .

දියුණු තාක්ෂණ දැනුමකින් සන්නද්ධ වුව ද නිපුණතාවයෙන් යුත් මානව සම්පතක් රටකට අත්‍යවශ්‍ය වේ. ආර්ථික කාර්යක්ෂමතාව උදෙසා චීනයට එවැනි මානව සම්පතක් හිමි වීම ලෝකයේම අවධානයට ද යොමු වූ කරුණකි. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙම සංවර්ධන උපායමාර්ගයන් අනුගමනය කිරීම වඩා ඵලදායි සහ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වන බව ද ලියෝනි වාස් මහත්මිය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම