අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකෙරේ
2022-11-24 17:20:32
Share with:

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දමා ඇත.

පාන්පිටි කිලෝවක මිල රුපියල් 14කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 265කි. සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 229 ක් වේ. ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 43කින් අඩු කර ඇති අතර, නව මිල රුපියල් 255කි.

සුදුලූනු කිලෝවක මිල රුපියල් 30කින් අඩු කර තිබෙන අතර, නව මිල රුපියල් 495 කි.

මේ මිල අඩු කිරීම  අද (24) සිට ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම