නවීකරණය ඔස්සේ සංවර්ධනය ළඟා කර ගැනීමේ හොඳම මාර්ග සිතියම චීනයයි
2022-11-24 10:50:32
Share with:

ලෝකයේ ඕනෑම රටක් සිය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී නවීකරණයට විශේෂ අවධානයක් යොමුකරයි. ඒ නිසාම නූතන සංවර්ධනයේ දී නවීකරණය රටකට අත්‍යවශ්‍ය මූලිකාංගයක් වේ. චීන නවීකරණය ඒ අතරින් ඉතා සුවිශේෂී වන්නක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්ය සහ ඇඩ්වොකාටා ආයතනයේ ආර්ථික විශ්ලේෂක පසන් විජයවර්ධන මහතා පවසයි.

චීනයේ නවීකරණය වඩා වැදගත් වන්නේ, ඔවුන් මූලික කරුණු  කිහිපයක් කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමුකිරීම නිසා ය. එනම්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකාබද්ධ නායකත්වය, ඉහළ ගුණාත්මකභාවයේ සංවර්ධනයක් ළඟා කර ගැනීම, මහජන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, චීනයේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම, පොදු සශ්‍රීකත්වයක් ඇතිකිරීම, මිනිසා සහ සොබාදහම අතර සබැඳියාව ගොඩනැගීම, අන්‍යෝන්‍ය සහයෝගිතාවක් සහිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ නවීන පන්නයේ මානව සංවර්ධනයක් සාක්ෂාත් කිරීම යන්නයි.

චීන නවීකරණයේ කේන්ද්‍රීය හැරවුමක් වන්නේ නවෝත්පාදනයයි. නවීන විද්‍යා ක්ෂේත්‍රය ගත් කල කෘත්‍රිම සූර්යයා සහ කෘත්‍රිම තාරකා නිර්මාණය කිරීම දක්වා ඔවුහු නවෝත්පාදන බිහිකරමින් සිටිති. ගෙවුණු දස වසර තුළ ගෝලීය නව්‍යතා දර්ශකයේ ස්ථාන 22 කින් ඉහළට පැමිණීමට ද චීනය සමත් විය. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ අන්ත දුගීභාවයෙන් පෙළුණු මිලියන 100 ක පමණ ජනතාව නගාසිටුවීමට ද හැකි විය .

ලෝකයේ ඕනෑම අංශයක කම්පනයක් දරා ගැනීමට හැකි ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට චීනය සමත් වී ඇති බව ද හෙතෙම කියා සිටී. ලෝක ආර්ථිකයෙන් පහෙන් එකක් සහ ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් එකක් හිමිකර ගැනීම මෙන්ම, ලෝකයේ ප්‍රධානම වෙළෙඳ හවුල්කරුවා බවට පත්වීම ඔවුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එහෙයින් චීනයේ නවීකරණ වැඩපිළිවෙළ, නවීකරණය ඔස්සේ සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තු වන ඕනෑම රටකට ආදර්ශයක් සපයන මාර්ග සිතියමක් බව පසන් විජයවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම