බැංකු පොළී අනුපාතිකය නොවෙනස් ව පවත්වාගෙන යන බව මහ බැංකුව කියයි
2022-11-24 15:40:54
Share with:

ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමක දී මෙම තීරණයට එළඹ ඇත.

දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ මෑතකාලීන හා අපේක්ෂිත වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන් කෙරෙහි මෙහිදී අවධානය යොමුකර ඇත.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5% ලෙසත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම