ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනතට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට යුරෝපයේ එකඟතාවක්
2022-11-24 15:23:05
Share with:

ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනතට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට යුරෝපයේ ප්‍රධානතම ආර්ථික දෙක තීරණය කරයි.

ඇමරිකාවේ උද්ධමනය අඩු කිරීමේ පනතට දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු බවත්, යුරෝපා සංගමය යුරෝපීයයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට එක්විය යුතු බවත් ප්‍රංශය සහ ජර්මනිය ප්‍රකාශ කරයි. ප්‍රංශ ආර්ථික කටයුතු  සහ මුදල් අමාත්‍ය Bruno Le Maire මහතා සහ ජර්මානු නියෝජ්‍ය චාන්සලර් මෙන්ම ආර්ථික හා දේශගුණ ආරක්ෂණ අමාත්‍ය Robert Habeck මහතා පසුගිය 22වැනිදා පැරීසියේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් දෙරටේ මෙම පොදු මතය ප්‍රකාශ කළහ.

පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා උද්ධමනය අඩු කිරීමේ පනතට අත්සන් තැබීය. එහි ඇතැම් වගන්තිවල දැක්වෙන්නේ ඇමරිකානු රජය තම රටේම නිෂ්පාදනය කරන විදුලි වාහන ආශ්‍රිත කර්මාන්ත සඳහා  අතිවිශාල දිරි දීමනාවක් සපයන බවයි. මෙම පියවර යුරෝපා සංගමයේ රටවල අතෘප්තියට හේතු විය. මෙය යුරෝපා සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදන මාර්ග ඇමරිකාවට පැවරීමට බල කෙරෙනු ඇති බව යුරෝපා සංගම් රටවල විශ්වාසය වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම