ඩිජිටල් පරතරය අඩු කිරීම ලෝකයේ හදිසි අවශ්‍යතාවක්
2022-11-24 10:54:14
Share with:

ලෝකයේ මෙතෙක් විශේෂ අවධානයට යොමු නොවූ වැදගත් කරුණක් චීන ජනාධිපතිවරයා මෑතකදී මතු කර ඇතැයි බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක් හේමන්ත පනාවල මහතා පවසයි.එය කාලීන වශයෙන් ඉතා වැදගත් එහෙත් ජාත්‍යන්තර තලයේ දී මේ දක්වා මතු නොවූ කරුණකි. ඩිජිටල් පරතරය අඩු කළ යුතුය යන  එම යෝජනාව සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා වැදගත්ය .

ඩිජිටල් පරතරය අඩු කිරීම ලෝකයේ හදිසි අවශ්‍යතාවක් වන අතර ඩිජිටල් පාලනය වැඩිදියුණු කිරීම තම පොදු අපේක්ෂාවක් බවට පත්ව ඇති බව චීනය පවසා තිබේ.

ඩිජිටල් පරතරය අඩු කිරීමේදී සංවර්ධනයට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බවට ප්‍රකාශ කරමින් චීන ජනාධිපතිවරයා දක්වා ඇති අදහස් පුළුල් ලෙස අවධානයට ලක්විය යුතු අතර විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගය ඊට ලැබිය යුතු යැයි ද පනාවල මහතා සඳහන් කරයි.

ලෝකය ඩිජිටල්කරණය වෙමින් පවතින වකවානුවක සංවර්ධනයේ සැබෑ ඵල ලෝකයේ සියළු රටවල් අතර බෙදීයාමට නම් ඩිජිටල් පරතරය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එමගින් පොදු සමෘද්ධිමත් ඩිජිටල් ආර්ථික ප්‍රජාවක් ගොඩනැංවීමට ලෝකයට අවකාශය සැලසෙන බව ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම