එළඹෙන උත්සව සමයේ ඇමරිකානු ජනතාව ආහාර වියදම අඩු කරනු ඇතැයි හෙළිවෙයි
2022-11-24 10:21:57
Share with:

එළඹෙන උත්සව සමයේ ඇමරිකානු ජනතාව ආහාර වියදම අඩු කරනු ඇතැයි සමීක්ෂණයකින් හෙළි වේ.

ඒ අනුව ඇමරිකානු ජාතිකයන්ගෙන් 70%ක් එළඹෙන උත්සව සමයේ ආහාර වියදම අඩු කරනු ඇත.ඇමරිකාවේ ආර්ථික තත්ත්වය ඉතාම අයහපත් යැයි 67%ක ජනතාවක් අදහස් කරන බව ද ඇමරිකානු මාධ්‍ය ඊයේ (22) නිකුත් කළ ජනමත සමීක්ෂණයකින් හෙළි වේ. තෙල් මිල, නිවස උණුසුම් කිරීමේ ගාස්තුව, නිවස කුලිය යනාදි වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් ජනතාවගේ දෛනික ජීවන පිරිවැයට ඉන් බරපතල බලපෑමක් එල්ල වී ඇත.

මේ අතර , වසරකට පෙර හා සැසඳීමේදී ඇමරිකාවේ ආහාර මිල 11%කින් ද සිල්ලර භාණ්ඩ මිල 12.4%කින් ද මස් හා බේක් කළ ආහාර මිල 15%කින් ද ඉහළ ගොස් තිබෙන බව ඇමරිකා‍නු කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම