ඉන්දියාවේ Agni-3 මධ්‍යම දුර බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලේ
2022-11-24 17:01:23
Share with:

ඉන්දියාව Agni-3 මධ්‍යම දුර බැලැස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි. 

Odisha ප්‍රාන්තයේ පිහිටි APJ Abdul Kalam දූපතේ දී ඊයේ(23) එම මිසයිලය සාර්ථක ව අත්හදා බැලූ බව එරට ජාතිකාරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Agni-3 මිසයිලය ඉන්දීය ජාතිකාරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානයේ පර්යේෂණ මගින්, දේශීය වශයෙන් නිපදවනු ලැබූ මිසයිල මාලාවකට අයත් වන්නකි. එහි පරාසය කිලෝමීටර 3000ත් 5000ත් අතර පවතී. මෙය හමුදාවට ඇතුළත් කර ඇත්තේ 2011 වසරේ දී යි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම