බලශක්ති අර්බුදය උග්‍ර වීමත් සමඟ යුරෝපා රටවල් කිහිපයක මූල්‍ය තත්ත්වය නරක අතට
2022-11-24 12:52:58
Share with:

බලශක්ති අර්බුදය උග්‍ර වීමත් සමඟ යුරෝපා රටවල් කිහිපයක මුල්‍ය තත්ත්වය අයහපත් වේ. 

රුසියා -යුක්රේන ගැටුම් මතු වීමෙන් පසු, ඇමරිකාව පසුපස යමින් යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක වට කිහිපයක් පනවා ඇත.එහෙත් අදාළ සම්බාධකවල බලපෑම් හේතුවෙන් යුරෝපා රටවල බලශක්ති සැපයුම බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ. මිල ඉහළ යාමෙන් එම රටවල මූල්‍ය තත්ත්වය උග්‍ර වෙමින් පවතී.

බලශක්ති අර්බුදයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් ජර්මනියේ 2023 වසරේ අලුතින් වැඩි වන ණය ප්‍රමාණය යුරෝ බිලියන 45.6ක් වනු ඇති බවට තක්සේරු කර තිබේ. එය ඊට පෙර තක්සේරු කෙරුණු යුරෝ බිලියන 17.2කට වඩා බොහෝ දුරට වැඩි වී තිබේ. ඉතාලි මහ බැංකුව පසුගිය 22 වනදා නිකුත් කළ දත්තවලට අනුව, 2021 වසරේ ඔක්තෝබර් මස සිට 2022 වසරේ සැප්තැම්බර් මස දක්වා එරට ජංගම ගිණුමේ යුරෝ බිලියන 9.1ක හිඟයක් ඇති වී තිබේ.නෙදර්ලන්තයේ මාධ්‍ය වාර්තාවලට අනුව, ව්‍යවසායන් හා ජනතාවට බලශක්ති අර්බුදයට මුහුණ දීමට සහායවීම සඳහා නෙදර්ලන්ත රජය ගෙන ඇති විවිධ පියවර  හේතුවෙන් යුරෝ බිලියන 7.5ක රාජ්‍ය අයවැය හිඟයක් මතු වනු ඇත. 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම