තමන්ට ගැලපෙන සංවර්ධන මාර්ගයේ තිරසර ගමනක නිරත චීනය
2022-11-24 10:58:08
Share with:

සමාජවාදී නවීකරණ පදනමක් සහිත, තමන්ට ගැලපෙන සංවර්ධන මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන් ගන්නා චීනය ලොවට ප්‍රායෝගික ආදර්ශයක් සපයා ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් මහතා පවසයි. නවීකරණය යනු සංවර්ධිත රටවලට පමණක් අත්පත් කර ගත හැකි දෙයක් නොවේ. එය තමන්ට සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ සාක්ෂාත් කිරීම සියලු රටවල් සතු අයිතියකි. චීනය මෙම යථාර්ථය ලොවට පසක් කර ඇත.  

චීන ජනාධිපතිවරයා පසුගිය දා APEC සංවිධාන නායකයන්ගේ 29 වන නිල නොවන රැස්වීම සහ ජී20 කණ්ඩායමේ නායකයන්ගේ 17වන සමුළුවට එක්වෙමින් ගෝලීය සංවර්ධනය පිළිබඳව යළිත් විග්‍රහ කළේය.  බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ලෝකවාසී ජනතාව පොදු ජයග්‍රහණ අත්පත් කර ගත යුතු බව හෙතෙම අවධාරණය කර ඇත. මෙය සමස්ත ලෝකයම අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවකි. ගෝලීය සැපයුම් දාමය බාධාවකින් තොරව පවත්වා ගැනීම සෑම රටකටම අතිශය වැදගත් ය. මේ නිසාම,  නිසි අවබෝධයෙන් යුතු සහයෝගිතාවයෙන් තොරව ප්‍රායෝගික සංවර්ධනය සාක්ෂාත් කළ නොහැකි බවට ෂී ජින් පිං මහතා ගෙන හැර දක්වන අදහසින් සනාථ වන බව නිලාර් එන්. කාසිම් මහතා කියාසිටී.

එසේම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ දී ෂී ජින් පිං ජනාධිපතිවරයා අවධාරණය කළේ නවෝත්පාදනය යනු, යම් රටක සමෘද්ධිමත් භාවයේ පදනම බවයි. නවෝත්පාදනයෙන් තොරව තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කළ නොහැකිය. විද්‍යා හා තාක්ෂණික අංශවල මෙන්ම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ද  චීනය ලබා ඇති ශීඝ්‍ර දියුණුව අතිශය ප්‍රශංසනීය යැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී නිලාර් එන්. කාසිම් මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම