චීන-කොංගෝ සබඳතාවන් හි ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් දෙරට ජනපතිවරු සුබපැතුම් හුවමාරු කරගනිති
2022-11-24 17:00:39
Share with:

චීන-කොංගෝ(DRC) සබඳතා සාමාන්‍යකරණය කිරීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කොංගෝ රාජ්‍යයේ ජනාධිපති Félix Tshisekedi මහතා සුබපැතුම් හුවමාරු කර ගනිති.

චීනය සහ කොංගෝ(DRC) අතර සබඳතාව තමා වැදගත් කොට සලකන බව ෂී ජින් පිං මහතා අද(24) යොමු කළ එම සුබපැතුම් පණිවුඩයෙන් කියාසිටී. දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කොට “එක් තීරයක් එක් මාවතක්”ව්‍යාපෘති අධිගුණාත්මක ලෙස පොදුවේ සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ එක්ව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙස යළි තේරී පත්වීම පිළිබඳව ජනාධිපති ෂී ජින්පිං මහතාට නැවතත් උණුසුම් සුබපැතුම් පිරිනමන බව Félix Tshisekedi මහතා තම සුබ පැතුම් පණිවුඩයෙන් පවසා ඇත. දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පුළුල් කිරීමටත්, කොංගෝ-චීන උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කොට දෙරටේ ජනතාවට සුබසෙත සැලසීමට තමා කැමැත්තෙන් සිටින බව ද කොංගෝ ජනාධිපතිවරයා  සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම