බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොරව ස්වාධීනත්වය සඳහා ජනමත විමසීමක් පැවැත්වීමට ස්කොට්ලන්තයට ඉඩ නොදීමට බ්‍රිතාන්‍ය ශ්‍රේෂඨාධිකරණයෙන් තීන්දුවක්
2022-11-24 14:10:26
Share with:


බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොරව ස්වාධීනත්වය සඳහා ජනමත විමසීමක් පැවැත්වීමට ස්කොට්ලන්තයට ඉඩ නොදීමට බ්‍රිතාන්‍ය ශ්‍රේෂඨාධිකරණය තීන්දු කරයි.

බ්‍රිතාන්‍ය අගමැති Rishi Sunak මහතා ඊයේ(23) එම තීන්දුව කෙරෙහි ප්‍රසාදය පළ ක‍‍ළේය. ස්කොට්ලන්ත ප්‍රාදේශීය රාජ්‍ය පළමු ඇමතිනි  Nicola Sturgeon මහත්මිය පවසා ඇත්තේ බලාපොරොත්තු සුන් වූ නමුත් එම තීන්දුවට ගරු කරන බවයි.

බ්‍රිතාන්‍ය රජයේ අවසරය යටතේ, බ්‍රිතාන්‍යයෙන් ඉවත්වීම පිළිබඳව ස්කොට්ලන්තය වසර 2014 ජනමත විමසීමක් පැවැත්වීය. ඊට සියයට 55ක් විරුද්ධවත්  45%ක පිරිසක් පක්ෂපාතිවත් ඡන්දය ප්‍රකාශ කරමින් තම ප්‍රදේශය අඛණ්ඩව බ්‍රිතාන්‍යය සමග පැවතීමට තෝරා ගත්හ. වසර 2016යේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ජනමත විමසීමකින් තීරණය කිරීමෙන් අනතුරුව ස්කොට්ලන්තයේ ස්වාධීන මෙහෙයුම් උණුසුම් වී තිබේ. එම ප්‍රදේශය හා යුරෝපා සංගමය අතර සමීප ආර්ථික සබඳතාවක් පවතී. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම