ඇමරිකාවේ කුමන්ත්‍රණය පැහැදිලිව දකින යුරෝපානුවන්
2022-11-24 11:14:56
Share with:

ඉහළ යන බලශක්ති මිල සහ නිෂ්පාදන පිරිවැය හේතුවෙන්, යුරෝපා සමාගම් දැඩි අර්බුදයකට මුහුණ දෙයි.  ප්‍රංශ ලෝහ කර්මාන්ත සංගමයේ සභාපතිවරයාගේ ප්‍රකාශයකට අනුව, ගෑස් සහ විදුලි බිල්පත් සාමාන්‍යයෙන් සිව් ගුණයකින් ඉහළ යාමේ හැකියාව පවතී. ‍මේ අතර ඇමරිකාවේ බලශක්ති මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී. ඇමරිකාවේ "උද්ධමනය අඩු කිරීමේ පනත" මගින් දේශීය සමාගම්වලට සහන ලබා දීමත් සමඟ, බොහෝ යුරෝපා සමාගම් ඇමරිකාවට ගලා යාමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.

ඇමරිකාවේ සිය ව්‍යාපාරය ව්‍යාප්ත කරන බව ජර්මනියේ Volkswagen සමාගම නිවේදනය කර ඇත. තම නිෂ්පාදනය 20% කින් අඩු කරන බව ප්‍රංශයේ විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන සමාගම වන Dunkirk නිවේදනය කර තිබේ. නෙදර්ලන්තයේ OCI පොහොර සමාගම ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කරමින් ඇමරිකාවේ කම්හල් ඉදිකරමින් සිටී. කර්මාන්තය, ජර්මනියෙන් ඉවත් වෙමින් සිටින බව ජර්මනියේ Handelsblatt පුවත්පත අනතුරු අඟවා ඇත.

යුරෝපයේ කර්මාන්තකරණය හීනවීමේ උග්‍ර අවදානම යුරෝපා ප්‍රතිපත්ති සම්පාදකයින්ට දැඩි පීඩාවක් ගෙන දී තිබේ. යුක්‍රේන අර්බුදය පුපුරා යාමෙන් පසු, යුරෝපය ඇමරිකාව පසුපස යමින් රුසියාවට එරෙහිව සම්බාධක වට කිහිපයක් දියත් කර ඇත. අවසානයේ යුරෝපය එහි විශාලතම ගොදුර බවට පත්ව ඇත.  එහෙත් එම අර්බුදයේ උත්තේජකයා වන ඇමරිකාව ඈතින් බලා සිටිමින් යුරෝපයේ ගැඹුරු බලශක්ති අර්බුදයෙන් ධනය උපයා ගනී.  උදාහරණයක් ලෙස, ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් වටිනා ද්‍රව ස්වභාවික වායුව, ඩොලර් මිලියන 275 කට යුරෝපයේ අලෙවි කෙරෙන අතර එය තුන් ගුණයකටත් වඩා වැඩි වීමකි.

රුසියානු-යුක්‍රේන ගැටුම ප්‍රයෝජනයට ගෙන යුරෝපයේ උපායමාර්ගික ස්වාධීනත්වය අවහිර කිරීම, යුරෝපයේ බලශක්ති අර්බුදයෙන් ධනය උපයා ගැනීම, සහ තම පෝෂණය වෙනුවෙන් යුරෝපා නිෂ්පාදන කර්මාන්තය හිස් කිරීම ඇමරිකාවේ කුමන්ත්‍රණයයි. බොහෝ යුරෝපානුවෝ එය පැහැදිලිව දකිමින් සිටිති. ඇමරිකාවේ කුමන්ත්‍රණය යුරෝපයේ ලේ උරා බොනවා පමණක් නොව, යුරෝපයේ මාංශ කපා දමමින් ඇතැයි ද ඇතැම් අන්තර්ජාල පරිශීලකයන් පවසා ඇත.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම