අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්
2022-11-24 16:36:57
Share with:

මේ දිනවල, දිවයින පුරා වෛරස් රෝගයක් පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙහි රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සමාන බව ද වෛද්‍යවරයා පැවසීය.

කොවිඩ් රෝගය හා සැසඳීමේදී මෙම රෝගයෙන් සංකූලතා ඇතිවීම සාපේක්ෂව අඩු බවත් රෝග තත්ත්වය උත්සන්න වීමක් සිදුවන්නේ නම්, පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බවත් හෙතෙම කියාසිටී.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම වෛරස රෝගය බෝ වීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම