තුවක්කු ප්‍රචණ්ඩත්ව 'වසංගතය' වොෂින්ටන් දේශපාලකයන්ගේ හෘද සාක්ෂිය කළඹයි
2022-11-23 19:23:20
Share with:

ඊයේ ( 22) ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ Chesapeake නගරයේ සුපිරි වෙළඳසැලක වෙඩි තැබීමේ සිදුවීමක් සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ජීවිත හානි සිදු විය. මීට දින තුනකට පෙර කොලරාඩෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලැබිණි. අඛණ්ඩව වසර තුන තුළ ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් සංඛ්‍යාව 600 ක් බැගින් සිදු වී තිබේ

ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ Chesapeake නගරයේ සුපිරි වෙළඳසැලක ඊයේ ( 22) වෙඩි තැබීමක් සිදු වූ අතර, එහිදී ජීවිත හානි විශාල සංඛ්‍යාවක් සිදුවිය. මීට දින තුනකට පෙර කොලරාඩෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනෙකු මිය ගොස්, 25 දෙනෙකු තුවාල ලැබූහ. අඛණ්ඩ ව වසර තුනක දී ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් 600 ක් බැගින් සිදු ව තිබීම කැපිපෙනේ.

තුවක්කු ප්‍රචණ්ඩත්වයේ තර්ජනය, ඇමරිකානු ජනජීවිතවලට දරුණු බලපෑමක් එල්ල කර ඇත. ජනතාවගේ මානසික තත්ත්වයට සහ සමාජ දේහයේ පැවැත්මට ඉන් සිදුවන හානිය අතිමහත් ය.

ලෝක ජනගහනයෙන් 4.2% ක පිරිසක් පමණක් වෙසෙන ඇමරිකාවේ, ලොව ඇති සමස්ත සිවිල් තුවක්කුවලින් 46% ක්ම පැවතීම සුවිශේෂ කරුණකි. එසේම, තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් එරට සිදුවන මරණ අනුපාතය අනෙකුත් සංවර්ධිත රටවලට වඩා බොහෝ සෙයින් වැඩි ය.

ඇමරිකාවේ CT Mirror වෙබ් අඩවිය ප්‍රකාශ කළේ, ඇමරිකාව පුරා සිදු වූ සමූහ වෙඩි තැබීම් හේතුවෙන්, මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. සියදිවි නසාගැනීමේ ඉතා ඉහළ අවදානමක් ද පවතී.

මීට අමතරව, තුවක්කු හිංසනය ඇමරිකානු සමාජයේ සමස්ත වාතාවරණය කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල කර ඇත. වීදිවල තුවක්කු වැඩිවීම සහ ඒ පිළිබඳ අධීක්ෂණය අඩුවීමත් සමඟ පොලීසිය දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටී. පොලීසිය සහ මහජනතාව අතර විශ්වාසයේ අර්බුදය තවදුරටත් තීව්‍ර වී ඇත. විශ්වාසය යනු ඕනෑම සමාජයක ඇති වටිනා සම්පතකි. නමුත් ඇමරිකාවේ  තුවක්කු ප්‍රචණ්ඩත්වය මෙම වටිනා සම්පත විනාශ කරමින් පවතී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම