චීනයේ පූර්ණ ස්වාධින ලොව විශාලතම ධාරිතාව සහිත අක්වෙරළ සුළං ටර්බයිනය සම්පූර්ණ කෙරේ
2022-11-23 15:19:06
Share with:

චීනය විසින් ස්වාධීනව ගවේශන හා නිෂ්පාදන කරන ලද මෙගාවොට් 16ක අක්වෙරළ සුළං ටර්බයින් සමූහය, අද(23) Fujian පළාතේ San Xia අක්වෙරළ සුළං බල ජාත්‍යන්තර කර්මික  උද්‍යානයේ දී  සම්පූර්ණ කෙරේ. 

දැනට ලෝකයේ විශාලතම තනි ඒකක ධාරිතාව සහිත සුළං ටර්බයින් සමූහය මෙයයි. 

චීනයේ විශාල ධාරිතාව සහිත අක්වෙරළ සුළං ටර්බයින ඉහළ මට්ටමේ උපකරණ නිෂ්පාදන ධාරිතාවේ වැදගත් ඉදිරි ගමනක් අත්කර ගැනීම සහ ජාත්‍යන්තර ප්‍රමුඛ මට්ටමට ළඟා වී ඇති බව සංකේතවත් වෙයි. 

මෙම සුළං ටර්බයින් සමූහයට සාමාන්‍යයෙන් වාර්ෂිකව පිරිසිදු විදුලිය kWh මිලියන 66 කට වඩා වැඩි නිෂ්පාදන කළ හැකිය. 

මෙමගින් සාමාජිකයින් තිදෙනෙකු සිටින නිවාස 36,000කගේ වසරක විදුලි පරිභෝජනය සපුරාලිය හැකි අතර, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 54,000 ක් පමණ අඩු කළ හැකිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම