ධීවර ප්‍රජාවට භූමිතෙල් බෙදාහැරීම අඛණ්ඩව
2022-11-23 17:35:37
Share with:

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව හා අඛණ්ඩව සිදු කිරිමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ධීවරයින්ගේ භූමිතෙල් අවශ්‍යතාව වෙනුවෙන් දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කෙරේ.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා මේ පිළිබඳව දිස්ත්‍රික් හා පළාත් බලධාරීන් දැනුවත් කර ඇත. ධීවර අවශ්‍යතා වෙනුවෙන් පසුගිය සතියේ භූමිතෙල් බවුසර් 357 ක් නිකුත් කිරීමට ඛනිජතෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණ.

 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමකි. ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරේ. ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර අමාත්‍යංශය, ධීවර දෙපාර්තමේන්තුව හා ඛණිජතෙල් සංස්ථාව වෙත පවරා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම