අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් සම්මතයි
2022-11-23 17:08:04
Share with:

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණකි. ඡන්ද විමසුම ඊයේ (22) පැවැත්විණ.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (23)  සිට ආරම්භ වේ. ජනාධිපති හා අගමැති කාර්යාල, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සහ ඇමති මණ්ඩල කාර්යාල ඇතුළු වැය ශීර්ෂ 25 ක් පිළිබඳ විවාදය අද පැවැත්වෙයි.

මේ අතර, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම