මෙරට හෙදියන් 4000 කට සිංගප්පූරු රැකියා වරම්
2022-11-23 16:19:16
Share with:

ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බඳවාගෙන තම රටට කැඳවාගෙන යාම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක් දිවයිනට පැමිණෙති. දස දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණයක නිරත වීමට ද නියමිතය.

සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇති වසර 20 කට පසුව යි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් සේ මෙය ක්‍රියාවට නංවයි. මේ යටතේ බඳවා ගැනෙන හෙදියන් මෙරට රාජ්‍ය රෝහල්වලින් තෝරා ගැනීමට නියමිතය .

මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල , ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ මෙරට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳ පර්යේෂණයක නිරත වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම