යේමනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2022-11-23 11:30:49
Share with:

යේමනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. 

යේමන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ විවෘත රැස්වීමක් පැවැත්වීය.මෑතකදී යේමනයේ ගැටුම් කිහිපයක් වාර්තා වූ අතර  එහි තත්ත්වය උග්‍ර වීමේ තර්ජන මතු වී ඇත.ඉන් ආර්ථීක හා මානුෂීය තත්ත්වය උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ යේමන ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිත Hans Grundberg මහතා  පැවසීය.

මේ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ප්‍රකාශ කළේ යුද්ධයෙන් යේමන ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවයි.යේමන ජනතාවගේ ජයග්‍රහණ වැදගත් කොට සලකා සියළු සතුරු ක්‍රියාවන් නරත කරන ලෙස චීනය ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන්, විශේෂයෙන් හවුති සංවිධානයෙන් ඉල්ලා සිටී. එමෙන්ම සක්‍රීය ක්‍රියාමාර්ග ගනිමින් යේමනයේ මානුෂීය සහ සංවර්ධනය සඳහා ආයෝජන වැඩි කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම