ඛනිජ තෙල් නිෂ්පාදනය අඩු කිරීමේ සැලසුම 2023 අග දක්වා
2022-11-23 09:56:35
Share with:

ඛනි‍ජ තෙල් නිෂ්පාදන ප්‍රධාන රටවල් සිය නිෂ්පාදනය අඩු කිරීමේ සැලසුම 2023 අග දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගනී.

දිනකට බැරල් ලක්ෂ 5 කින් වැඩි කිරීම පිළිබඳව ලබන දෙසැම්බර් 4 වැනිදා පැවැත්වන OPEC+ රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වනු ඇතැයි ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත් අදාළ තෙල් නිෂ්පාදන රටවල් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ.

එම රැස්වීමට පෙර අදාළ රටවල් තෙල් නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා නොකරනු ඇති අතර දිනකට බැරල් මිලියන 2 කින් අඩු කිරීමේ සැලසුම 2023 අග දක්වා ක්‍රියාත්මක වනු ඇති බව සවුදි අරාබි බලශක්ති ඇමතිවරයා පසුගිය 21 වැනිදා සඳහන් කළේය.

OPEC+ රැස්වීමේදී නිෂ්පාදනය වැඩි කිරීම පිළිබඳ පළව ඇති වාර්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ඇල්ජීරියා සහ ඉරාක ඛනිජ ‍ තෙල් සම්බන්ධ අමාත්‍යවරු ඊයේ (22) ප්‍රතික්ෂේප කළහ.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම