ඇමරිකා හමුදාව යළිත් සිරියාවේ ඛනිජ තෙල් සොරකම් කරති
2022-11-23 11:05:46
Share with:

ඇමරිකා හමුදාව ඛනිජ තෙල් සොරකම් කර ප්‍රවාහන කිරීම සිරියා ජනතාවගේ චෝදනාවට ලක් වේ.

සිරියාවේ නීතිවිරෝධිව රැඳි සිටින ඇමරිකා හමුදාව ඊයේ(22) යළි ඊසාන දිග සිරියාවේ තෙල් බිම්වල සිට සොරකම් කළ ඛනිජ තෙල් ඉරාකයේ ඇමරිකා යුධ කඳවුරු වෙත ප්‍රවාහනය කර තිබේ. මේ මාසය තුළ සිරියාවේ ඛනිජ තෙල් හොරකම් කර ප්‍රවාහනය කෙරුණු 4 වැනි අවස්ථාව මෙය ය.

ඇමරිකා හමුදාව සිරියාවේ නීතිවිරෝධිව සම්පත් හොරකම් කිරීම පිළිබඳව ඊසාන දිග සිරියාවේ ජනතාව බොහෝ වරක් උද්ඝෝෂණ පවත්වමින් මුර සංචාරයේ නිරත ඇමරිකා හමුදා වාහන සිය ගම්මානවලට ප්‍රවේශ වීම බාධා කර තිබේ. ඇමරිකාවේ මෙම වංචනික ක්‍රියාවෙන් ජනතාවගේ අසීරු ජීවිතය වඩාත් දරුණු වන බව සිරියා ජනතාව පවසා ඇත. සිරියා දේශභූමිය අත්පත් කර ගෙන සිටීමේ කිරීමේ ක්‍රියාවන්ට විරෝධය පළ කරන ඔවුන් ඇමරිකා හමුදාවෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය රටෙන් ඉවත් කරන ලෙස ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම