චීනයේ මහාමාර්ග හා ජල මාර්ග ප්‍රවාහනය සඳහා සිදු කෙ‍රුණු ස්ථාවර වත්කම් ආයෝජනවල කැපී‍ පෙනෙන වර්ධනයක්
2022-11-23 09:53:14
Share with:

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා චීනයේ මහාමාර්ග හා ජල මාර්ග ප්‍රවාහනය සඳහා සිදු කෙ‍රුණු ස්ථාවර වත්කම් ආයෝජනය චීන යුවාන් බිලියන 2466.5 කි. එය පෙර වසර හා සැසඳීමේදී 9.5%ක වැඩිවීමකි. චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යංශය ඊයේ (22) නිකුත් කළ දත්ත මගින් මේ බව හෙළි වෙයි. 

ඉන් මහාමාර්ග ආයෝජනය යුවාන් බිලියන 2336.9 ක් වූ අතර එය සියයට 9.6% ක වර්ධනයකි. අභ්‍යන්තර ගංගා ආයෝජන යුවාන් බිලියන 63.4ක් වූ අතර එය එහි 9.2%ක වැඩිවීමක් දක්නට ඇත. මීට අමතරව, වරාය භාණ්ඩ ප්‍රවාහනය සහ ජල මාර්ග භාණ්ඩ ප්‍රමාණය යන දෙකම ධනාත්මක වර්ධනයක් ලබා ඇත.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම