ජී-7 කණ්ඩායම රුසියාවේ ඛනිජ තෙල් මිල සීමාව පිළිබඳව කඩිනමින් එකඟතාවකට පැමිණෙන ලකුණු
2022-11-23 15:42:00
Share with:

ජී-7 කණ්ඩායම රුසියාවේ ඛනිජ තෙල් මිල සීමාව පිළිබඳව කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි ඇමරිකාව පවසයි.

රුසියාවෙන් ආනයනය කරන ඛනිජ තෙල් මිල පිළිබඳ සීමාවක් ජී-7 කණ්ඩායම නුදුරේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊයේ (22) පැවසීය. එම මිල සීමාව වසරකට කිහිප වරක් වෙනස් කරනු ඇති බව ද ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර රුසියාව ප්‍රකාශ කළේ රුසියාවේ ඛනිජ තෙල් මිළ සීමාවට ලක් කරන රටවල් සඳහා තෙල් හා ඊට අදාළ නිෂ්පාදිත ලබා නොදෙන බවයි. බලශක්ති මිල සීමා කිරීම සහ බලශක්ති සැපයුම් දේශපාලනීකරණය කිරීම, බලශක්ති හිඟය වඩාත් උග්‍ර කරනු ඇති බවට රුසියාව අනතුරු අඟවා තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම