ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
2022-11-22 11:20:32
Share with:

ඉන්දුනීසියාවේ බටහිර ජාවා භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි.

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ Cianjur ප්‍රදේශයේ හදිසි අනතුරු අංශය ඊයේ (21) ප්‍රකාශ කළේ, රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඔවුන්ගෙන් 100 දෙනෙක් භූමිකම්පාව නිසා ඇති වූ නායයෑම්වලින් මිය ගියහ. 10,000 කට වැඩි පිරිසක් තම නිවෙස් අතහැර ගොස් ඇත.

ඉන්දුනීසියානු කාලගුණ, දේශගුණ  සහ භූ භෞතික විද්‍යා ඒජන්සියේ වෙබ් අඩවියට අනුව ජකර්තා වේලාවෙන් ඊයේ(21) 13:21 ට භූමිකම්පාව සිදුව තිබේ. එහි අපිකේන්ද්‍රය Cianjur ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක් නිරිත දෙසින් පිහිටා ඇති අතර එහි නාභි ගැඹුර කිලෝමීටර් 10ක්  ලෙස සටහන් විය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම