රටේ කාර්මික ආර්ථික පුනර්ජීවනය උදෙසා චීනය පියවර ගනී
2022-11-22 16:20:59
Share with:

කාර්මික ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා චීනය පියවර ගනී.

ඒ අනුව, "වර්ධන ප්‍රවණතාව තහවුරු කොට කාර්මික ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳ නිවේදනය" ඊයේ(21) නිකුත් කරනු ලැබීය.

කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, රාජ්‍ය මණ්ඩලයේ රජය සතු වත්කම් අධීක්ෂණ සහ පරිපාලන කොමිෂන් සභාව යන ආයතන තුන ඒකාබද්ධව එම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

2022 සිව්වන කාර්තුවේ කාර්මික ආර්ථිකය සාධාරණ පරාසයක් තුළ ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා අභ්‍යන්තර අවශ්‍යතා ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස එම "නිවේදනය" රටේ විවිධ ප්‍රදේශවලින් ඉල්ලා සිටී. 2023 වසරේ දී "ස්ථාවර ආරම්භයක්" සාක්ෂාත් කර, නව කාර්මිකකරණය ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සැකසිය යුතු බව ද එමගින් අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම