සිය අනන්‍යතාව රැකගනිමින් නවීකරණය සමග ඉදිරියට යන චීනය
2022-11-22 10:11:19
Share with:

චීනයේ ආර්ථික හා දේශපාලන සංවර්ධනය පිළිබඳ විශ්ලේෂණය කිරීමේ දී 2022 වසරේ පැවැත් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඉතා සුවිශේෂී සන්ධිස්ථානයකි. චීනයේ සංවර්ධන ගමන්මග පිළිබඳ අධ්‍යයනය කිරීම වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා වැදගත් වන බව ජාත්‍යන්තර තරුණ ක්‍රියාකාරිනී චානුකා තිලකරත්න මෙනෙවිය ප්‍රකාශ කරයි.

චීනය ක්‍රමයෙන් දරිද්‍රතාවයෙන් මිදී සිය සංවර්ධන ඉලක්ක සාධනය කර ඇත. මෙහිලා චීනයේ රාජ්‍ය නායකත්වයේ දායකත්වය ප්‍රශංසනීය වේ. චීන රාජ්‍ය නායකයන් සිය රටේ සංවර්ධන දිශානතිය වෙනුවෙන් කළ මෙහෙවර තුළින් ලෝක ආර්ථිකයේ වැදගත් භූමිකාවක් හිමි කර ගැනීමට සමත්ව  ඇත.

සමාජවාදී ක්‍රමය තුළ ඉතා ඉවසිලිවන්තව, නොනැවතුණු සංවර්ධන ගමනක් චීනය අනුගමනය කළේය. නවීකරණය හුදෙක්ම බටහිරට පමණක් අදාළ වූවක් නොව, එය පෙරදිග රටවලට සිය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් අනුගමනය කළ හැකි බව චීනය මනාව පෙන්නුම් කර ඇත. නවීකරණ සංකල්පයේ නව මුහුණුවර සමග  අඛණ්ඩ සංවර්ධන ගමන්මගේ චීන ජනාධිපති ෂී ජිං පින් මහතාටත් එරට රජයටත් සාර්ථකව ගමන් කිරීමට හැකිවේවා යි චානුකා තිලකරත්න මෙනෙවිය ශුභාශිංසනය කරයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම