තම රටේ ඛනිජ තෙල් සඳහා මිල සීමා පනවන රටවලට තෙල් සැපයුම අත්හිටුවන බව රුසියාව කියයි
2022-11-22 16:21:24
Share with:

රුසියානු ඛනිජ තෙල් සඳහා මිල සීමා පනවන රටවලට ඛනිජ තෙල් සැපයීම අත්හිටුවන බව රුසියාව පවසයි.

බලශක්ති කටයුතු පිළිබඳ රුසියානු උප අග්‍රාමාත්‍ය Alexander Novak මහතා ඊයේ(21) මේ බව පැවසීය. මෙහිදී අපනයන යළි සකස් කිරීමට හෝ නිමැවුම් අවම කිරීමට රුසියාව පියවර ගනු ඇතැයි ද හෙතෙම කියාසිටියේ ය.

රුසියාවේ ඛනිජ තෙල් සඳහා උපරිම මිලක් නියම කිරීම සම්බන්ධයෙන් ජී-7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් පසුගිය සැප්තැම්බර් මාසයේ එකඟතාවකට පැමිණ තිබේ. මේ අනුව, ලබන දෙසැම්බර් 5වැනි දා සිට ජී-7 රටවල් රුසියාවේ බොර තෙල් සඳහා මිල සීමා පැනවීමට අපේක්ෂා කරයි.

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසන්නේ, තම රටෙන් ඛනිජ තෙල් ආනයනය සීමා කිරීම සහ රුසියානු ඛනිජ තෙල්වලට උපරිම මිලක් නියම කිරීම ඇතුළු ජී-7 යෝජනාවලින් සිදුවන්නේ තෙල් මිල, ස්වාභාවික ගෑස් මිල මෙන්ම සැලකිය යුතු අයුරින් ඉහළ යාම පමණක් බවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම