අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද
2022-11-22 17:26:13
Share with:
2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වේ.
අයවැය දෙවන වර කියවීමේ විවාදය ඉකුත් 15 වැනි දා ආරම්භ වූ අතර අද (22) එහි 7 වැනි දිනය යි. විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ.
අය වැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 8 වැනි දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇත.
මේ අතර, අලුතින් පත්කෙරෙන ආංශික අධික්ෂණ අධීක්ෂණ කාරක සභා 17 සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කරනු ලැබීය.