ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් පිළිබඳව චීන ජනපතිගේ සංවේගය පළ වේ
2022-11-22 19:55:42
Share with:

ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ හටගත් දරුණු භූමිකම්පාව සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සිය සංවේගය පළ කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා වෙත අද (22)  එම ශෝක පණිවුඩය යොමු කළේය.

එම විපතෙන් ජීවිතක්ෂයට පත්වූවන් පිළිබඳව චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත්, තමා පෞද්ගලික වශයෙනුත් ශෝකය පළ කරන බව චීන ජනාධිපතිවරයා පවසා ඇත. තුවාල ලැබූවන් හා මිය ගිය අයගේ ඥාතීන් වෙත අවංක සංවේගය පළ කරන බව ද එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.

ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, ඊයේ (21) හටගත් රිච්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 268 දක්වා ඉහළ ගොස් ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම