කොරියානු අර්ධද්වීපයේ ගැටළුව සඳහා දේශපාලනමය විසඳුමක් සෙවීමේ දිශානතියට විවිධ පාර්ශ්ව යොමුවිය යුතු බව චීනය කියයි
2022-11-22 14:13:02
Share with:

   කොරියානු අර්ධද්වීපයේ ගැටළුව දේශපාලනමය මාර්ගයෙන් විසඳීමට විවිධ පාර්ශ්ව නිසි ප්‍රයත්න දැරිය යුතු බව චීනය කියාසිටී.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චාන්ග් ජුන් මහතා මේ බව පැවසුවේ ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(21) පැවති සමුළුවකදීය. දැනට කොරියානු අර්ධද්වීපයේ උග්‍ර වෙමින් පවතින නොසන්සුන් තත්ත්වය කෙරෙහි චීනය අවධානය යොමුකර ඇත. නොසන්සුන්බව තවදුරටත් තීව්‍ර වී, පාලනයෙන් තොර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා විවිධ පාර්ශ්ව හා එක්ව දේශපාලන විසඳුමක් සෙවීම චීනයේ අපේක්ෂාව යි.

ඇමරිකාව, උතුරු කොරියාවේ සැලකිල්ලට ලක්වන කරුණුවලට ඍජු ප්‍රතිචාර දක්වමින්, අවංකභාවයෙන් යුතුව, ශක්‍යතා සහිත ක්‍රියාසැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව චාන්ග් ජුන් මහතා පෙන්වා දෙයි. කොරියානු අර්ධද්වීපයේ නිර්න්‍යෂ්ටිකකරණය ප්‍රවර්ධනය කරමින්, යුද අභ්‍යාස නතර කර, උතුරු කොරියාවට එරෙහි සම්බාධක ද ලිහිල් කිරීමට ඇමරිකාව පියවර ගත යුතුය. එසේම, ආරක්ෂක මණ්ඩලය ද උතුරු කොරියාවට අඛණ්ඩව පීඩා එල්ලකිරීම පමණක් සිදුකිරීම වෙනුවට, සංවර්ධනාත්මක මෙහෙවරක් ඉටු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම