වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම අනිවාර්ය කෙරේ
2022-11-22 17:57:58
Share with:

වයස අවුරුදු 15දී ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කරයි.

එසේ හැඳුනුම්පතක් ලබා නොගන්නා පුද්ගලයන්  පසුව හැඳුනුම්පත් ඉල්ලුම් කරන අවස්ථාවල දී ඔවුන් රුපියල් 2500ක දඩයකට යටත් කිරීමට හැකි බව ද එම චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත.

මෙරට පවතින නීතිය අනුව පුද්ගලයෙකු වයස අවුරුදු 15ට එළඹීමත් සමඟ ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවට නීතියක් පවතී.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හැඳුනුම්පත් ලබාදීම සඳහා ගත යුතු පියවර සඳහන් කරමින් සියලු පාසල් වෙත සෑම වසරකදී ම චක්‍රලේඛයක් නිකුත් කරන නමුත්, එම සිසුන්ගෙන් අඩක් පමණ අදාළ අයදුම්පත් තම දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම