චීන විදේශ ඇමති සහ හා ඉතාලි උපඅගමැති අතර දුරකථන සංවාදයක්
2022-11-22 11:25:51
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඉතාලියේ උපඅගමැති හා විදේශ අමාත්‍ය Antonio Tajani මහතා සමඟ දුරකථන සංවාදයක නිරත‍ වෙයි.

ඉතාලිය සමඟ එක්ව, දෙරට නායකයන්ගේ එකඟතාව ක්‍රියාත්මක කරමින්,  විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රවර්ධනයට චීනය කැමැත්තෙන් පසුවන බව වං යී මහතා ඊයේ (21) පැවති එම සංවාදයේදී පෙන්වා දුන්නේය. යුරෝපය කෙරෙහි චීනයේ ප්‍රතිපත්ති ස්ථාවර ව පවතී. චීන යුරෝපා සබඳතාව වෙනත් තුන්වැනි පාර්ශ්වයකට එරෙහිව නොපවතින අතර, තුන්වැනි පාර්ශ්වයකින් ඊට බලපෑම් එල්ල නොවිය යුතු බව ද හෙතෙම පැවසීය. චීනයට පැමිණ චීනයේ සැබෑ තත්ත්වය හා සංවර්ධනය දැකබලා ගන්නැයි,  වං යී මහතා එහිදී යුරෝපා මිතුරන්ට ඇරයුම් කළේය. චීන-යුරෝපා සබඳතාවට ඉතාලිය අඛණ්ඩව දායක වනු ඇතැයි ද ඔහු අපේක්ෂා පළ කරයි.

චීනය සමඟ ආර්ථිකය හා වෙළඳාම ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කරමින් චීන-යුරෝපා සබඳතාව ප්‍රවර්ධනය කිරීමට ඉතාලිය කැමැත්තෙන් සිටින බව Antonio Tajani මහතා මෙහිදී කියාසිටියේය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම