තුර්කිය හා සිරියාව අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍රවීම වැළැක්වීමට සංහිඳියාවෙන් යුතුව ක්‍රියාකරන්නැයි ජගත් මහලේකම්වරයා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2022-11-22 16:16:52
Share with:

තුර්කිය හා සිරියාව අතර ගැටුම්කාරී තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම සඳහා සංහිඳියා ආකල්පයකින් යුතුව ක්‍රියාකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි.

සිරියාව හා ඉරාකය යන රටවල රැඳී සිටින කුර්දි ජාතිකයන්ට එරෙහිව තුර්කිය පසුගිය දා යුදමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජගත් මහලේකම්වරයාගේ මෙම අදහස් මාධ්‍යවේදීන් හමුවේ ඉදිරිපත් කෙරුණේ, ඔහුගේ ප්‍රකාශකයා විසිනි.

මහලේකම්වරයා අවධාරණය කර ඇත්තේ, සාමාන්‍ය ජනතාව හා සිවිල් පහසුකම් නිසි ලෙස ආරක්ෂා විය යුතු බවයි. සියලුදෙනා ජාත්‍යන්තර මානුෂීය නීතිය අනුගමනය කළ යුතු ය. විවිධ පාර්ශ්ව සාකච්ඡා මාර්ගවලින් පොදු අවධානයට ලක්වන ගැටළු විසඳන අතර, ජාතික ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව හා අසල්වැසි රටවල් සමග සුහදශීලී සම්බන්ධතා පැවැත්වීමේ මූලධර්මයට ගරු කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යළි විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම