දේශගුණික විපර්යාසය පිළිබඳ සම්මේලනයේ වැදගත් ප්‍රතිඵල
2022-11-22 10:33:53
Share with:

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය සම්බන්ධ 27 වැනි පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය(COP27) පසුගිය 20 වනදා ඊජිප්තුවේ Sharm el Sheikh නගරයේ දී අවසන් වූයේ සාර්ථක ප්‍රතිඵල රැසක් සමගිනි. එහිදී සම්මත වූ තීරණ අතරින් ඉහළ ම අවධානයට ලක්වන්නේ “අලාභ හානි” අරමුදල ස්ථාපිත කිරීම යි. දේශගුණ විපර්යාසවලින් බලපෑම් එල්ලවන සංවර්ධනය වෙමින් පවතින රටවල් හා අවදානමට ලක්විය හැකි රටවලට සහය වීම එහි අරමුණ යි. මෙය අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයකි.

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී, ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනය සැමවිටම සක්‍රිය ක්‍රියාකරුවෙකි. 2021 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම් ඒකකයකට කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය 2012 වසරේ අගයට වඩා 34.4 %කින් අඩු වී තිබේ.  එය ටොන් බිලියන 3.7ක අඩු වීමකි. එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් බිලියන 380ක මුදලක් ආයෝජනය කර තිබේ. එය එම ක්ෂේත්‍රයෙන් ලොව ප්‍රථම ස්ථානයට පැමිණීමකි. එසේම, මෙවර දේශගුණ විපර්යාස පිළිබඳ සම්මේලනයේ දී චීන නියෝජිත කණ්ඩායම  විවිධ තේමා පිළිබඳ පුළුල් සාකච්ඡා 100කට පමණ එක්වෙමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ මැනැවින් රැකගැනීමට සමත්වීම සුවිශේෂ කරුණකි.

මේ අතර, පෘථිවිය තවමත් හදිසි ප්‍රතිකාර අවශ්‍ය මොහොතක පසුවන  බව, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පවසා ඇත. ඔහුගේ මෙම ප්‍රකාශය ගැඹුරින් විමසා බැලිය යුතුය. මෙවර සම්මේලනයෙන් ලබාගත් ප්‍රතිඵල ඉතා වැදගත් වන අතර, දේශගුණ ක්‍රියාකාරී මෙහෙයුම තවදුරටත් බොහෝ අභියෝගවලට මුහුණපානු ඇත. ඒ පිළිබඳ තීරණාත්මක සාධකය වන්නේ සංවර්ධිත රටවල් සිය පොරොන්දු ඉටුකරන්නේ ද යන්නයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම