නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹීම කෙරෙහි රජයේ අවධානය
2022-11-22 16:48:40
Share with:

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින්, එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද හෙතෙම කියාසිටී. ඒකනායක මහතා මෙම අදහස් පළකළේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සංවර්ධන ක්‍රියාපිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින්, ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශ පාර්ශ්වකරුවන්ට ආරාධනා කළේය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම