ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ අලාභ හානි අරමුදල ස්ථාපනය කෙරේ
2022-11-21 11:05:59
Share with:

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව අලාභ හානි අරමුදල ස්ථාපිත කරයි.

ඊජිප්තුවේ ඊයේ (20) අවසන් වූ එම සමුළුවේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්මුතිය, කියෝතෝ සම්මුතිය සහ පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණ රැසක් සම්මත කෙරිණ. ඒ අතරින් අලාභ හානි අරමුදල ස්ථාපනයට ගත් තීරණය වඩාත් කැපී පෙනේ. එය, සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි සැලකිල්ල දක්වන, දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අලාභ හානි  පිළිබඳ සලකා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකේ. COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අවසන් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වීඩියෝ ආකාරයෙන් ප්‍රකාශයක් කරමින්, මෙම අරමුදල පිළිබඳ ප්‍රසාදය පළ කළේ ය. අලාභ හානි අරමුදල ස්ථාපිත කිරීමෙන් දේශගුණික විපර්යාස අර්බුදය නිරාකරණය කළ නොහැකි වුව ද විවිධ පාර්ශ්ව අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසය ගොඩනගමින් සිටින බව එයින් පිළිබිඹු වෙතැයි හෙතෙම එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම