චීන - ජැමෙයිකානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් දෙරට නායකයන්ගෙන් සුබ පැතුම්
2022-11-21 16:05:31
Share with:

චීනය සහ ජැමෙයිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි 50 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජැමෙයිකානු ආණ්ඩුකාර ජනරාල් Patrick Linton Allen මහතා  සුබපැතුම් හුවමාරු කර ගනිති.

චීනය සහ ජැමෙයිකාව අතර සබඳතාව තමා වැදගත් කොට සලකන බව ෂී ජින් පිං මහතා අද(21) යොමු කළ එම සුබ පැතුම් පණිවුඩයෙන්  පැවසීය. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් හි ස්වර්ණ ජයන්තිය නව ආරම්භයක් ලෙස ගනිමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කොට “එක් තීරයක් එක් මාවතක්” ව්‍යාපෘති අධිගුණාත්මක ලෙස පොදුවේ සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුකාර ජනරාල්වරයා සමඟ එක්ව උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

ජැමෙයිකානු-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමෙන් පසු දෙරට අතර මිත්‍ර සබඳතාව අඛණ්ඩව වර්ධනය වී ඇති අතර, විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ඇති බව Patrick Linton Allen මහතා පවසා ඇත. චීනය සමඟ සහයෝගිතා ශක්තිමත් කොට දෙරටේ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව තවදුරටත් පුළුල් කිරීම ජැමෙයිකාවේ අපේක්ෂාව බව ද ඔහුගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සහ ජැමෙයිකානු අග්‍රාමාත්‍ය Andrew Holness මහතා ද සුබ පැතුම් හුවමාරු කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම