අයවැය විවාදයේ 6වැනි දිනය අද(21)
2022-11-21 16:26:14
Share with:

2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට (22) පැවැත්වීමට නියමිතය. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23  සිට දෙසැම්බර් 08  දක්වා පැවැත්වෙන අතර, ඡන්ද විමසීම සිදුකෙරෙන්නේ 08 වැනිදා පස්වරුවේ ය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2023 අයවැය ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 14 වැනිදා යි.

මෙවර ඉදිරිපත් කෙරුණේ නිදහස් ශ්‍රී ලංකාවේ 77 වන අයවැය යි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම