6 වන චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ දී ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ගිවිසුම් රැසක්
2022-11-21 09:56:26
Share with:
6 වන චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙවත් 26 වන චීන කුන්මිං ආනයන හා අපනයන වෙළඳ ප්‍රදර්ශනයට සමගාමී ව ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ව්‍යාපෘති රැසකට අත්සන් තැබේ. කුන්මිං නගරයේ ඊයේ (20) පැවති එම උත්සවයේ දී, ආයෝජන ව්‍යාපෘති 169 ක් සඳහා ගිවිසුම් අත්සන් තැබුණු අතර, එකඟ වූ ආයෝජන මුදල යුවාන් බිලියන 400 ඉක්මවයි.
මෙවර ගිවිසුම් මගින් විශාල පරිමාණ ආයෝජන සහ ඉහළ වෙළෙඳපොළ අපේක්ෂා සහිත ව්‍යාපෘති ගණනාවක් හඳුන්වා දී, යුන්නැන් පළාත කෙරෙහි ඍජු අවධානය යොමු කර තිබේ. මෙමගින් යුන්නැන් පළාතේ ආයෝජන ප්‍රවර්ධනයන් හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වර්ධනය කෙරෙන අතර, එය ශක්තිමත් කාර්මික පළාතක් ලෙස ගොඩනැංවීමට ද මෙම ආයෝජන ඉවහල් වනු ඇත.