චීනයේ ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදන ප්‍රදේශවලින් මෙවර ටොන් මිලියන 50 ඉක්මවූ ධාන්‍ය සංචිතයක්
2022-11-21 15:54:20
Share with:

තම රටේ ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදන ප්‍රදේශවලින් මෙවර ධාන්‍ය ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් රැස් කර ගැනීමට චීනය සමත් වෙයි.

චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත පරිපාලනය මේ බව හෙළි කළේය.

එම පරිපාලනයේ නිවේදනයට අනුව, සරත් සෘතුවේ ධාන්‍ය මිලදී ගැනීම සම්පූර්ණයෙන් නිමා වී ඇත. මේ වනවිට විවිධ ප්‍රදේශවල මධ්‍යම සහ ප්‍රමාද වූ වගා වාරයන් හි සහල්, ඉරිඟු සහ සෝයා බෝංචි වැනි සරත් සෘතු ධාන්‍ය ප්‍රභේදවල වෙළඳපොළ පරිමාව ක්‍රමයෙන් වැඩි වී තිබේ.

දැනට ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල විවිධ ධාන්‍ය ව්‍යවසායන් සරත් සෘතු ධාන්‍ය අස්වනු ටොන් මිලියන 50.49 ක් මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ටොන් මිලියන 6.91 ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම