චීනය, ආසියා ශාන්තිකර කලාපය හා ලෝකය සමග පවත්වන අවංක සහයෝගිතා ජාත්‍යන්තර පැසසුමට
2022-11-21 16:06:31
Share with:

චීනය, ආසියා ශාන්තිකර කලාපය හා ලෝකය සමග අවංක  සහයෝගිතා පවත්වන බව විදෙස් විද්වත්හු පවසති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එපෙක් සංවිධාන නායකයින්ගේ 29වන නිල නොවන රැස්වීමේදී පැවැත්වූ දේශනයේ දී චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය සමස්ත ලෝකයේ නවීකරණ ක්‍රියාවලියට එල්ලකරන සාධනීය බලපෑම මැනැවින් විග්‍රහ කෙරුණු බව ඔවුන්ගේ අදහස යි. මෙමගින්, සංවර්ධනය බෙදා ගැනීමේ චීන අභිලාෂය පිළිබිඹු වන බව ද ඔවුහු පවසති.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඉතාලි ජාතික විද්වතෙකු වන Fabio Massimo Palandi මහතා පවසන්නේ චීන සංවර්ධන උපායමාර්ගය, වෙනස් මතවාද හා වෙනස් ක්‍රමවේදයන්ට සරිලන විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනයට මනා පදනමක් සකසන බවයි.

ඇමරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලයේ හිටපු සත්කාර වෙළඳ නියෝජිත Jeffrey Moon මහතා චීනය හා ඇමරිකාවට ඉදිරියේ දී සහයෝගිතා තහවුරු කළ හැකි වෙතැයි අපේක්ෂා පළ කරයි. මෙය දෙරට ජනතාවට පමණක් නොව, සමස්ත ලෝකයේ සංවර්ධනයට ඉවහල් වන බව ද ඔහු කියාසිටී.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම