චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීන ජනපති එක් වූ ප්‍රථම විදේශ නිල චාරිකාව, ලෝකයට චීනය වටහා ගැනීමට උපකාර වී ඇතැයි චීනය පවසයි
2022-11-21 19:39:56
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රථම විදේශ නිල චාරිකාව, ලෝකයට චීනය තේරුම් ගැනීමට උපකාර වී ඇතැයි චීනය පවසයි

ජී 20 කණ්ඩායමේ 17 වැනි නායක සමුළුවට සහ 29 වැනි එපෙක් නායක සමුළුවට සහභාගි වී තායිලන්තයේ නිල චාරිකාවක ද නිරත වූ  චීන ජනාධිපතිවරයා පසුගියදා යළි චීනයට පැමිණියේය. ජනාධිපතිවරයාගේ මෙවර චාරිකාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථක ව පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයාගේ ඵලදායී සහ වැදගත් රාජ්‍යතාන්ත්‍රික පියවරකි.

මෙම චාරිකාව චීනය තේරුම් ගැනීමට ලෝකයට උපකාර වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාව් නීං මහත්මිය අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම