කසක්ස්ථාන ජනපති ධුරයට යළි තේරී පත්වූ Kassym-Jomart Tokayev මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-21 18:23:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසක්ස්ථානයේ ජනාධිපති ධුරය සඳහා යළි තේරී පත්වූ Kassym-Jomart Tokayev මහතාට සුබ ප්‍රාර්ථනා කරයි. ජනාධිපතිවරයා අද(21) සිය සුබ පැතුම් පණිවුඩය යොමු කළේ ය.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ තමා චීන-කසකස්ථාන සබඳතාව ඉහළින් වැදගත් කොට සලකන බවයි. Tokayev මහතා සමග එක්ව, දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 30වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස සලකමින් දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට ෂී ජින් පිං මහතා සූදානමින් සිටී. පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනගමින් දෙරට ජනතාවට සුබසෙත සැලසීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.


ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම