උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති ඇරඹීම කෙරෙහි ජනපතිගේ අවධානය
2022-11-21 16:00:25
Share with:

උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවෙයි. මීට අමතරව වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් පිහිටුවීම, යළි වන වගා ව්‍යාපෘති ඇරඹීම සහ පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට එක් කිරීම පිළිබඳවත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී  ඇත.

මන්නාරම, තම්බපන්නි සුළං විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලය හා පුනර්ජනනීය බලශක්ති අධිකාරිය සමග ඊයේ (20) පැවති සාකච්ඡාවේදී වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

උතුරු පළාතේ ඉදිකෙරෙමින් පවතින මුහුදු ජල පවිත්‍ර කිරීමේ කර්මාන්ත ශාලාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙරට වන ඝනත්වය ආරක්ෂා කර ගනිමින් ජල මූලාශ්‍ර රැක ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම