අභ්‍යවකාශ ගවේෂණ සහ නවෝත්පාදන සඳහා එක්සත් ජාතීන්ගේ සහ චීන ගෝලීය හවුල්කාරිත්ව සම්මන්ත්‍රණයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-21 16:49:37
Share with:

අභ්‍යවකාශ ගවේෂණ සහ නවෝත්පාදන සඳහා එක්සත් ජාතීන්ගේ සහ චීන ගෝලීය හවුල්කාරිත්ව සම්මන්ත්‍රණයට චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා  සුබ ප්‍රාර්ථනා කරයි. අදාළ සුබ පැතුම් පණිවුඩය අද (21) යොමුකෙරිණ.

හුවමාරු සහ සහයෝගිතා ශක්තිමත් කර, විශ්වයේ අභිරහස් එක්ව ගවේෂණය කරමින් අභ්‍යවකාශය සාමකාමීව භාවිත කිරීම සහ ලොව පුරා සිටින පුද්ගලයන්ට වැඩි ප්‍රතිලාභ රැගෙන ඒම චීනයේ අභිලාෂයයි. එසේම, ඒ වෙනුවෙන් අභ්‍යවකාශ තාක්ෂණය ප්‍රවර්ධනය සඳහා වෙනත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

අභ්‍යවකාශ ගවේෂණ සහ නවෝත්පාදන සඳහා එක්සත් ජාතීන්ගේ සහ චීන ගෝලීය හවුල්කාරිත්ව සම්මන්ත්‍රණය හයිනාන් පළාතේ හයිකෝ හිදී අද (21) ආරම්භ විය.  "අභ්‍යවකාශ ගවේෂණ සඳහා නව හවුල්කාරිත්වයක් ගොඩනැගීම" යන්න එහි තේමාව යි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම