පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් පියවර තැබූ බව ජනපති පවසයි
2022-11-20 16:57:34
Share with:

පස් අවුරුදු සැලැස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් පියවර තැබූ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වව්නියාව නගර ශාලාවේ ඊයේ (19) පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියේය. 2023 සිට 2027 දක්වා මෙරට ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇතිකිරීමට මෙවර අයවැය මගින් පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

වව්නියාව දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද  ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය. පළාතේ ඉඩම් නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි පවතින ගැටලු සහ අදාළ විසඳුම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම