ගෝලීය සහයෝගතා පැවැත්ම උදෙසා ප්‍රබල කාර්යභාරයක නිරත චීන ජනපති
2022-11-20 16:15:09
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, නොවැම්බර් 14 - 19 දක්වා කාලය තුළ ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවති ජී20 කණ්ඩායමේ නායකයන්ගේ 17වන සමුළුවට සහ තායිලන්තයේ බැංකොක්හි පැවති එපෙක් සංවිධානයේ නායකයන්ගේ 29වන නිල නොවන රැස්වීමට එක්විය. එසේම ඔහු තායිලන්තයේ නිල සංචාරයක ද නිරත වූයේය. මෙම දින හය තුළ ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික අවස්ථා 30කට වැඩි සංඛ්‍යාවකට සහභාගි වීම විශේෂත්වයකි.

ලෝකයේ හා කලාපීය වශයෙන් දැවැන්ත රටවලින් සමන්විත, බහුපාර්ශ්වික ඒකකයක් මෙන්ම ජාත්‍යන්තර ආර්ථික සහයෝගතාවේ වැදගත් සාකච්ඡා ක්‍රමවේදයක් ලෙස, ජී20 කණ්ඩායම, දැනට පෙර නොවූ විරූ ගෝලීය ආර්ථික අභියෝගයන් සඳහා විසඳුම් සොයමින් සිටියි. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ සංකල්පයට අනුගතව සාමය, සංවර්ධනය, සහයෝගතාව හා පොදු ජය පිළිබඳ ජීවගුණයට අනුකූලව ක්‍රියා කරන්නැයි එම සමුළුවේදී  ෂී ජින්පිං ජනාධිපතිවරයා යළිත් ලොව රටවලින් ඉල්ලා සිටියේය. බෙදීම වෙනුවට සමගියෙන්, විරුද්ධවීම වෙනුවට සහයෝගයෙන් කටයුතු කරමින් වඩාත් පොදු ප්‍රතිලාභ දිනා ගන්නා, වඩාත් ශක්තිමත් ගෝලීය සංවර්ධනයක් ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු විග්‍රහ කළේය.

 එපෙක් සංවිධානය, ආසියා ශාන්තිකර කලාපයේ වැදගත් ආර්ථික සහයෝගතා වේදිකාවකි. මෙවර එපෙක් සංවිධාන නායකයන්ගේ 29වන නිල නොවන රැස්වීමේදී ෂී ජින්පිං මහතා කලාපීය ආර්ථික සහයෝගතාවේ ජයග්‍රාහී අත්දැකීම් නිවැරදිව සම්පිණ්ඩනය කළේය. ආසියා ශාන්තිකර කලාපය, එක්තරා රටකට පමණක් හිමි වත්තක් නොවන අතර, දැවැන්ත රටවල තරග බිමක් ලෙස ද සැලකිය නොයුතු බව ඔහු පෙන්වා දුන්නේය. 

සාමකාමී සංවර්ධන මාර්ගයේ ගමන් කරමින් අන්‍යෝන්‍ය විශ්වාසී, සහයෝගතා හා පොදු ජයක් දිනාගන්නා කලාපීය හවුල්කාරීත්වය  තහවුරු කරන්නැයි, ජනාධිපතිවරයා ආයාචනය කළේය. සාමකාමී, ස්ථාවර, පොදු පොහොසත්කමෙන් යුතු, පවිත්‍ර, සුන්දර, එකිනෙකාට සහාය වන මෙන්ම පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ජී20 සමුළුව හා එපෙක් රැස්වීම පැවැත්වුණු අතරතුර, ෂී ජින්පිං මහතා රටවල් රැසක නායකයින් හමු විය. එම අවස්ථාවලදී, පොදු අදහස් විවරණය කෙරෙමින් මතභේද දුරලීමට ද පියවර ගැනිණ. අසල්වැසි ආසියානු රටවල් සමග මිත්‍රත්වය තහවුරු කිරීමට ද පියවර ගනු ලැබීය. යුරෝපීය රටවල උපායමාර්ගික ස්වාධීනත්වය ප්‍රවර්ධනයට ද ෂී ජින්පිං මහතා දායක විය. නව යුගයේ චීන ඇමරිකා සම්බන්ධතාවය වර්ධනය කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද නිසි මගපෙන්වීමක් ජනාධිපතිවරයා විසින් සිදුකෙරුණු අතර, එමගින් අන්‍යෝන්‍ය විශ්වාසය මෙන්ම සහයෝගතාව පුළුල් වීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම