නේපාලයේ මහ මැතිවරණය ඇරඹේ
2022-11-20 15:09:07
Share with:

නේපාලයේ මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වෙයි. ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභා හතක මැතිවරණය සඳහා නේපාල ජනතාව අද (20)  ඡන්දය ප්‍රකාශ කළහ.

එරට වේලාවෙන් උදේ 7.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ විය. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දදායකයන් පෙළ ගැසී සිටි බව මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.  පහළ මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් 275 දෙනෙකු සහ පළාත් සභා හත සඳහා මන්ත්‍රීවරුන් 550 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දදායකයෝ මිලියන 18 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටිති.

  නේපාල කොංග්‍රස පක්ෂය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී මධ්‍යස්ථානය) මැතිවරණය සඳහා පක්ෂ පහකින් යුත් මැතිවරණ සන්ධානයක් පිහිටුවා තිබේ. එසේම විශාලතම විපක්ෂය වන නේපාල කොමියුනිස්ට් පක්ෂය (ඒකාබද්ධ මාක්ස්වාදී  ලෙනින්වාදීන්) ද ඇතැම් ආසන සඳහා, සෙසු පක්ෂ සමග සන්ධානයක් පිහිටුවා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම