ජගත් මහලේකම්වරයා පාපන්දු ලෝක කුසලාන සමාරම්භක උළෙලට
2022-11-20 16:15:50
Share with:
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගි වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කටාර් රාජ්‍යයට ළඟා වේ.
ජගත් මහලේකම් Antonio Guterres මහතා කටාර් රාජ්‍යයට ඊයේ(19) ළඟාවිය. ඔහු අද (20) කටාර් හි Tamim Bin Hamad Al Thani රජු හමුවීමෙන් පසු ලෝක කුසලාන සමාරම්භක උළෙලට සහභාගි වනු ඇත.
කටාර් ලෝක කුසලානය අද (20) සිට දෙසැම්බර් 18 වනදා දක්වා පැවැත්වේ. මැදපෙරදිග රටක් ලෝක කුසලානයට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙයයි. තරගාවලියේ යටිතල පහසුකම් සඳහා, කටාර් රාජ්‍යය ඇමරිකානු ඩොලර් බිලියන 220 කට වැඩි මුදලක් ආයෝජනය කර ඇත. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම ආයෝජනය එය වීම විශේෂත්වයකි.